පළාත් පාලන ආයතනවල මානව සම්පත් සංවර්ධනයට විශාල වැඩකොටසක් සිදු කළා – අමාත්‍ය ෆයිසර් මුස්තාෆා

Share

පළාත් පාලන ආයතනවල නෛතික තත්ත්වය සංශෝධනය කිරීමට ක්‍රියා කරන බවත් පළාත් පාලන ආයතනවල මානව සම්පත් සංවර්ධනයට විශාල වැඩකොටසක් සිදු කර තිබෙන බවත් පළාත් පාලන මැතිවරණය පවැත්වීම ප්‍රමාද වීම තමන්ගෙන් සිදු වූ අඩුපාඩුවක් නොවන බවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

පළාත් පාලන මැතිවරණය පවැත්වීම ප්‍රමාද වීම මගේ අඩුපාඩුවක් නොවේ. මේ වසරේ සාර්ථක කළ නිසා පෙබරවාරි මාසයේ මැතිවරණය පැවැත්වීමට හැකිවෙයි කියල. අමාත්‍යාංශයාට මිලියන 45000ක් වෙන් කර
තිබුණා. ග්‍රාමීය පාලම්, ළමා උද්‍යාන 38 පාසල් ව්‍යාපෘති සිදු කර තිබෙනවා. අපි පක්ෂ භේදයෙන් තොරව අප කටයුතු කර තිබෙනවා. මැතිවරණය කල් දමන අමාත්‍යාංශය කියලා දොස් කියනවා. අප රටේ සංවර්ධනයට විශාල දායකත්වයක් දක්වන අමාත්‍යාංශයක්. පළාත් පාලන ආයතනවල මානව සම්පත් සංවර්ධනයට විශාල වැඩකොටසක් සිදු කරනවා. පළාත් පාලන ආයතන සභිකයන් 8000ක් පමණ වැඩි වෙනවා. විශාල රැස්වීම් ශාලා අවශ්‍ය වෙනවා. ඉදිරි මැතිවරණයේ දී ප්‍රාදේශීය මට්ටමින් කාන්තා නියෝජනය 25%කින් පත්වෙනවා .පළාත් පාලන ආයතනවල නෛතික තත්ත්වය සංශෝධනය කිරීමට ක්‍රියා කෙරේ. පළාත් පාලන ආයතන සභිකයන් පුහුණු කිරීමට පියවර ගන්නවා. රට වෙනුවෙන් කටයුතු කළා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News