හදිසි නීතිය දිර්ඝ නොකළද ත්‍රස්තවාදීන් ගැන විමර්ශන තවදුරටත්

Share

හදිසි නීතිය තවදුරටත් දිර්ඝ නොකිරීම ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම්, විමර්ශන, රඳවා තබා ගැනීම කෙරෙහි බලපෑමක් ඇති නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

හදිසි නීතිය තවදුරටත් දිර්ඝ නොකරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා ඊයේ(23) ප්‍රකාශ කළේය.

එය මීට පෙර පනවනු ලැබුවේ ඉකුත් අප්‍රේල් 21 වනදා පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් පසුවයි.

අනතුරුව එය පසුගිය සෑම මාසයක් පාසාම තවදුරටත් දීර්ඝ කරනු ලැබුවේය.

කෙසේ වෙතත් හදිසි නීති රෙගුලාසි යටතේ යුද හමුදාවට හිමිව තිබූ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීම ඇතුළු යම් යම් බලතල මේ අනුව තවදුරටත් වලංගු නොවනු ඇත.

Read more

Local News