ධුරයට සමුදී ඉවත්වන බව බොරුවක් – කථානායක

Share

කථානායකවරයා සිය ධුරයට සමුදී ඉවත්වන බවට ප්‍රචාරය වී ඇති පුවත මුළුමනින්ම සාවද්‍ය බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.

කථානායක මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.

“2018 ඔක්තෝම්බර් මස 26 වන දින පාර්ලිමේන්තුවේ බහුතරය නොමැතිව නව අගමැතිවරයෙකු දිව්රුම් දිමේ නිතීවිරෝධි සහ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවලිය වැනි සිදුවිමක් යලි උද්ගත වුවහොත් කථානායකවරයා සිය ධුරයට සමුදී ඉවත්ව යන බවට ප්‍රකාශ කළේ යැයි අද දින (26) ඇතැම් මුද්‍රිත මාධ්‍යයන්හි සහ සමාජ මාධ්‍ය කිහිපයක පළව ඇති නිසි මුලාශ්‍රයක් පදනම් කර නොගත් පුවත මුළුමනින්ම සාවද්‍ය බව දන්වා සිටිමු.

කථානායකවරයා කිසිවිටකත්, එවන් මතයක් නොදරන අතර එවන් ප්‍රකාශයක්ද, සිදුකර නොමැති බව අවධාරණය කර සිටිමු.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිව සිදුවන ඕනෑම ක්‍රියාමාර්ගයකට එරෙහිව පාර්ලිමේන්තුව විසින් ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගැනීම‍ට කිසිවිටකත් පසුබට නොවිය යුතුය’ යන ස්ථාවරයක එතුමන් දැඩිව පිහිටා සිටියි.

කෙසේ වුවත් ඉහත සඳහන් පුවත හුදෙක් එම පුවත පළ කරන ලද අදාල මාධ්‍ය ආයතනයන්හි, අනුමාන කිරිමක් පමණක් බව පෙනී යයි. එබැවින් එවැනි තත්වයක් යළි උද්ගත වනු ඇතැයි කථානායකතුමන් කිසි ලෙසකත් විශ්වාසය නොකරයි.

කථානායක මාධ්‍ය අංශය.

Read more

Local News