පොල්, පරිප්පු, කරවල සඳහා උපරිම සිල්ලර මිලක්

Share

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකට උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

පොල්, පරිප්පු, කට්ට කරවල සහ සාලයා කරවල සඳහා මෙම උපරිම සිල්ලර මිල නියම කළ බවත් ඊයේ (06) සිට මෙය ක්‍රියාත්මක කරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා කියා සිටියේය. ජීවන වියදම් කමිටුව රැස්වීමෙන් පසුව ගන්නා ලද තීරණයකට අනුව මේ ආහාර ද්‍රව්‍ය සඳහා උපරිම සිල්ලර මිල නියම කළ බව කී සභාපතිවරයා මේ සම්බන්ධ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කළ බවද කියා සිටියේය.

මේ අනුව කට්ට කරවල කිලෝවක් රුපියල් 1000, සාලයා කරවල කිලෝවක් රුපියල් 425ක් පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 75ක් සහ පරිප්පු කිලෝවක මිල රුපියල් 130ක් ලෙස මිල තීරණය කර ඇති බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කෙළේය. මෙම මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රයාත්මක බව සභාපතිවරයා කියා සිටියේය.

Read more

Local News