ශ්‍රීලනිප-පොහොට්ටු 7වන සාකච්ඡාව අරඹයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන 07 වන වටයේ සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේදී මේ වන විට ආරම්භ කර ඇත.

එම පක්ෂ දෙක අතර මීට පෙර සාකච්ඡා වාර හයක් පමණ පැවැත්විය.

එහෙත් මාසයක පමණ කාලයක් එම සාකච්ඡා නතර වී තිබුණි.

ඒ අනුව විපක්ෂ නායක කාර්යාලයේ දී අද පැවැත්වෙන සාකච්ඡාව සඳහා දෙපාර්ශවයේ සහභාගී වන නියෝජිත පිරිසේ ද වෙනස්කම් සිදුව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්න යන මහත්වරුන් සාකච්ඡාවට සහභාගී වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ, මහචාර්ය ජී.එල්.පීරිස් සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන් සහභාගී වීමට නියමිතයි.

ඊයේ(26) පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය ජී.එල්.පිරිස් මහතා ප්‍රකාශ කළේ අද පැවැත්වෙන සාකච්ඡාවේ දී අවධානය යොමුකරන්නේ අපේක්ෂකයා සම්බන්ධයෙන් නොව එක්ව කටයුතු කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් බවයි.

Read more

Local News