එජාප ජනපති අපේක්ෂකයා නැකතකට එළිදක්වනවා

Share

ඉතිහාසයේ නොවූ දැවැන්ත සංවර්ධනයක් රට තුළ සිදුවූ බව කෘෂිකර්ම වාරිමාර්ග හා ධීවර ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අද(28) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණය ගැසට් කළ විගස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නැකතකට එළිදක්වන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එහිදී අමාත්‍ය පී. හැරිසන් මහතා වැඩිදුරටත් පවසා සිටියේ එක්සත් ජාතික පක්ෂය තුළ කිසිඳු අර්බුදයක් නොමැති බවත් තම පක්ෂයේ අපේක්ෂකයා හෙට අනිද්දා වන විට නම් කරන බවත්ය.

Read more

Local News