දුම්රියට පැන අයෙක් සිය දිවි නසා ගනී

Share

මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල, මාක් පාර දුම්රිය හරස් මාර්ගයේ දී දෙමටගොඩ දෙස සිට කොච්චිකඩේ දෙසට ධාවනය වු සේවා දුම්රියේ ගැටී පුද්ගලයෙක් මියගොස් ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 43ක් වු හලාවත පදිංචි අයෙකි.

අදාළ පුද්ගලයා දුම්රියට පැන සිය දිවි නසාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධව මීගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News