රෙදි පටියක ආධාරයෙන් තරුණයෙක් ගෙල වැළලා ගනී

Share

පරසන්ගස්වැව පොලිස් වසමේ නිකවැව ප්‍රදේශයේ තරුණයෙක් ගසක ගැට ගැසු රෙදි පටියක ආධාරයෙන් ගෙල වැළලාගෙන තිබේ.

ඊයේ(29) සවස 4.40 ට පමණ මෙය සිදුව ඇති බව පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 19 ක් වු දුන්නබිඳුනුවැව, රඹෑව යන ලිපිනයේ පදිංචි තරුණයෙකි.

මෘත ශරීරය මේ වන විට පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා තිබේ.

මහේස්ත්‍රාත් පරීක්ෂණ හා පශ්චාත් මරණ පරීක්ෂණ අද (30) සිදු කිරීමට නියමිත අතර පරසන්ගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News