ලංකාවේ අවයව බද්ධ කිරීම සිංගප්පූරුවට වඩා සාර්ථකයි

Share

මෙරට තුළදී පෙණහළු බද්ධ සැත්කම තවත් මාසයක් ඇතුළත ආරම්භ කරන බව සෞඛ්‍ය පෝෂණ සහ දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ  පසුගිය වසර කිහිපය තුළ වකුගඩු බද්ධ සැත්කම් 400ක් පමණ සිදුකර ඇති අතර එම සැත්කම් සාමන්‍ය තත්ත්වයට පත්ව ඇති බවයි.

මේ වනවිට අක්මා බද්ධ සැත්කමද ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කල්මුණේ මූලික රෝහලේ අළුතින් ඉදිකළ හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ අවයව බද්ධ කිරීම් මෙරට තුළ සිදුකිරීම සිංගප්පූරුවටත් වඩා සාර්ථක වී ඇති බවයි.

මේ අතර කුළියාපිටිය මූලික රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම සඳහා මුල්ගල තැබීම හෙට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි.

Read more

Local News