මුහු‍දේ ගිලෙමින් සිටි 3ක් නාවික හමුදාව බේරා ගැනේ

Share

නාවික හමුදාව විසින් අද (30හික්කඩුව හා සීනිගම අතර මුහුදු ප්‍රදේශයේ අනතුරට ලක් වු ධීවර යාත්‍රාවක සිටි ධීවරයන් තිදෙනෙකුගේ දිවි බේරා ගැනීමට සමත් විය.

දකුණු නාවික විධානය වෙත හික්කඩුව පොලිස් ස්ථානය මගින් කල දැනුම් දීමකට අනුව නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජීවිතාරක්ෂක කණ්ඩායමක් හික්කඩුව ප්‍රදේශයට පිටත් කර හරින ලදී.

එහිදී මුහුදේ රළු ස්වභාවය හමුවේ වුවද අනතුරට ලක්ව තිබු ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනෙකු නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට ජීවිතාරක්ෂක කණ්ඩායම සමත් විය.

තවද, ශ්‍රීලංකාවට අයත් සාගර කලාපයේ ආපදාවට පත්වන ධීවර හා නාවික ප්‍රජාව වෙත සහන සැලසිම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් කටයුතු කරනු ලබයි.

Read more

Local News