තමා කිසිවකුගේ ඉත්තෙකු නොවන බව සජිත් කියයි

Share

තමා කිසිවිටකත් කිසිවකුගේ ඉත්තෙකු නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ තමා පාලනය කිරීමට කිසිවෙකුටවත් නොහැකි බවයි.

“මම සල්ලිවලට යටවෙන්නේ නෑ. කිසිවෙකුගේ ඉත්තෙක් වෙන්නේ නෑ. මාව කාටවත් පාලනය කරන්න බෑ. මට තියෙන්නේ ජනතාවගේ හදගැස්ම. ඒක කුරුඳුවත්තේ හදගැස්ම නොවෙයි.

මම කුරුඳුවත්තට ඉංග්‍රීසි භාෂාවෙන්ම කතා කළා. සමහරු කියනවා ලස්සනට ඇඳුම් අඳින්න කියලා. ලස්සන ඇඳුම් ඇන්දාම වැඩ කරන්න බෑ. මූණේ මහන්සි පාට තියෙන බව කියනවා.

මං ළඟ මේකප් දේශපාලනය නෑ. කොණ්ඩය කළු කරගත්තට සුදුවෙනවා. ඇතැම්විට රැවුල කපන්නෙත් නෑ. හරියට අඳින එකද අවශ්‍ය ජනතාවට වැඩ කරන එකද අවශ්‍ය“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News