අගමැති මාලදිවයිනට

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා අද (02) මාලදිවයින බලා පිටත්ව ගොස් ඇත.

අග්‍රාමාත්‍යවරයා ඇතුළු දුත පිරිස අද උදෑසන 07.30ට පමණ ශ්‍රි ලංකන් ගුවන් සේවයේ යු. එල් 101 දරන ගුවන් යානයෙන් මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.

අග්‍රාමාත්‍යවරයා සමඟ මාලදිවයින් සංචාරය සඳහා 15 දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් එක්ව ඇත.

මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේ නිරත වෙයි.

Read more

Local News