දුම්රියක ගැටී තරුණයෙක් මරුට

Share

පේරාදෙණිය පිළිමතලාව අතර දුම්රියේ ගැටී තරුණයෙක් ඊයේ (01) රාත්‍රී 11.45 ට පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

පිළිමතලාව අතර 69 වන සැතපුම් කණුව අසල දී පොල්ගහවෙල සිට මහනුවර බලා ධාවනය වු දුම්රියේ ගැටී මෙම තරුණයා මියගොස් තිබේ.

මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23 ක් වු රණවන, පිළිමතලාව ලිපිනයේ පදිංචි බුද්ධික ප්‍රදීප් නැමති අයෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද (02) පැවැත්වීමට නියමිත අතර පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News