පළාත් සභා කියන්නේත් ඇත්තටම උණ්ඩුක පුච්ඡයක්

Share

පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් රුපියල් කෝටි 28ක මුදලක් ජාතික ආදායමට ලැබීමට හැකියාව ලැබී ඇති බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

කළුතර පැවති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ පැවසීය.

“පළාත් සභා ඉතිහාසයේ හොඳම ලාභ උපයන යුගය තමයි මේක.

පළාත් සභා නිසා මේ වන විට රුපියල් කෝටි 28ක් ලාභයි සමස්ථ ජාතික ආදායමට.

අවුරුද්දකට රුපියල් කෝටි 300කට වැඩි ආදායමක් රටේ ජනතාවල ලැබෙනවා පළාත් සභා නැති නිසා.

ඒකට අපි කියනවා උණ්ඩුක පුච්චය කියලා. මේ අංගය අනවශ්‍ය අංගයක්. නමුත් ඒක කපා දාන්න පුළුවන්. කපා දැම්මට ශරීරයට කිසිම බාධාවක් නෑ.

පළාත් සභා කියන්නේත් ඇත්තටම උණ්ඩුක පුච්ඡයක්.”

Read more

Local News