ශ්‍රීලනිපයේ 68 වන ජාතික සම්මේලනය අද

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි ජාතික සම්මේලනය අද (03) පස්වරු 2.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 68 වැනි ජාතික සම්මේලනය පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

“තීන්දුව හරි අතට” යන තේමාව යටතේ මෙවර සම්මේලනය පැවැත්වෙන අතර මෙහිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල එළිදැක්වීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා විසින් මෙහිදි විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Read more

Local News