දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් අයෙක් මරුට

Share

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ සිල්වෙස්ටර් මාර්ගය ආසන්නයේදී ඊයේ (02) දින දෙපිරිසක් අතර ඇති වු බහින් බස්වීමක් දුරදිග යාමෙන් ගැටුමක් හට ගෙන තිබේ.

එහිදී පුද්ගලයින් දෙදෙනෙකුට පිහිවලින් පහරදී තුවාල සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළේය.

ඉන් බරපතල තත්ත්වයේ සිටි පුද්ගලයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ.

මිය ගොස් ඇත්තේ රත්මලාන වෙඩිකන්ද පාරේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.

මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) සිදුකිරීමට නියමිතයි.

ඝාතනය සිදුකළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Read more

Local News