”පළාත් සභා ඡන්ද විමසීම් ( සංශෝධන )” නැමැති පනත් කෙටුම්පත පිළිබඳ තීරණය සභාවට දන්වයි

Share

”පළාත් සභා ඡන්ද විමසීම් ( සංශෝධන )” නැමැති පනත් කෙටුම්පත අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් තවදුරටත් අධිකරණමය ක්‍රියාමාර්ගය පවත්වාගෙන යාමට බලාපොරොත්තු නොවන බව පෙත්සම්කරු විසින් දන්වා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇති බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි.

කතානායකවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී කතානායක නිවේදනය ඉදිරිපත් කරමින් පැවසී ය.

නිවේදනය-

”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද ”පළාත් සභා ඡන්ද විමසීම් ( සංශෝධන )” නැමැති පනත් කෙටුම්පත පිළිබඳ නිවේදනයක් කිරීමට කැමැත්තෙමි. ඉහත පනත් කෙටුම්පතට අදාළව අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් තවදුරටත් අධිකරණමය ක්‍රියාමාර්ගය පවත්වාගෙන යාමට බලාපොරොත්තු නොවන බව පෙත්සම්කරු විසින් දන්වා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇත.

එමෙන් ම කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බවට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම් පිළිබඳ 12(4) ව්‍යවස්ථාවට අදාළ විධිවිධානවලට සහයෝගය දක්වන බවට ශේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව දන්වනු කැමැත්තෙමි.”

Read more

Local News