07 වන ලෝක මාධ්‍ය සමුළුව බෙයිජිං නුවරදී

Share

07 වන ලෝක මාධ්‍ය සමුළුවේ සමාරම්භක උත්සවය චීනයේ බෙයිජිං නුවරදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික සහ එම සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු අමාත්‍ය Li Shulei ,සමාරම්භක උත්සවයට සහභාගී වී දේශනයක් පැවැත්වීය.
සිව්වන ලෝක මාධ්‍ය සමුළුව වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා යොමු කළ සුබ පැතුම් ලිපියේ අන්තර්ගත අදහස්වලින් මඟපෙන්වීම ලබමින්,පසුගිය වසර පහ තුළ මෙම සමුළුවේ බලපෑම ක්‍රමයෙන් වර්ධනය වී ඇති බවත්,විවිධ රටවල මාධ්‍ය ආයතන අතර සහයෝගීතාව තවදුරටත් ගැඹුරු වී ඇති බවත් ඊට සහභාගි වූ ආරාධියෝ පෙන්වා දුන්හ. විවිධ රටවල මාධ්‍ය ආයතන එක්ව කටයුතු කරමින්, විවිධ ශිෂ්ටාචාර අතර හුවමාරු හා අන්‍යෝන්‍ය ඉගෙනුම ප්‍රවර්ධනය කිරීමටත්,කෘත්‍රිම බුද්ධි පාලනය වැඩිදියුණු කිරීමට සහාය වීමටත්,පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා තම ප්‍රඥාව හා ශක්තිය දායක කිරීමටත් කටයුතු කළ යුතු බව ආරාධිතයෝ ප්‍රකාශ කළහ.
07 වන ලෝක මාධ්‍ය සමුළුව අද(09) අවසන් වීමට නියමිතය.

Read more

Local News