මා ඔය පාලම යට පාවෙමින් තිබු මළ සිරුරු දෙකක් සොයා ගනී

Share

අලව්ව, මා ඔය පාලම යට පාවෙමින් තිබු පිරිමි මළ සිරුරු දෙකක් අද (03) සවස 2.00 ට පමණ සොයා ගෙන තිබේ.

එක් මළ සිරුරක් පාලම යට දී ප්‍රදේශවාසීන් විසින් ගොඩ ගෙන ඇති අතර, අනෙක් මළ සිරුර පාලමට මීටර 400ක් පමණ දුරින් තිබිය දී සොයා ගෙන ඇත.

මෙම මළ සිරුරු වයස අවුරුදු 30ක් හෝ 35 ක් අතර වයස්වල පුද්ගලයන්ගේ බවට සැක පළ කරයි.

මිය ගිය පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෝ වෙනත් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර වරකාපොළ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News