ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම් කිරීම ලබන 13 තෙක්

Share

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සදහා අයැදුම් කිරිම ලබක 13 වන දාට පෙර සිදු කරන්නැයි මැතිවරණ කාම්ෂන් සභාව දැනුම් දෙයි

එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළේ, මැතිවරණය පැවැත්වීමට අදාළ මූලික කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම ඔක්තෝබර් 11 වැනි දා පැවැත්වෙන බවට වූ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ පස්වරුවේ නිකුත් කෙරුණි.

ගාල්ල තේරීම්භාර නිලධාරී සෝමරත්න විදාන පතිරණ මහතා විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ ය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයින් තෝරා ගැනීම සඳහා ඡන්ද විමසීම වහාම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 30 වන දා මැතිවරණ කොමිෂන් සභාවට නියෝග කළේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය කළේ, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට ඉදිරි පත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එම පක්ෂයේ ලේකම්වරයා ගොනු කළ පෙත්සම සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

Read more

Local News