රජයේ නිලධාරීන්ගෙන් ඉටුවිය යුතු වගකීම් නිසිලෙස ඉටුවිය යුතුයි

Share

දේශපාලන පසුබිම කුමන ආකාරයෙන් වූවත් වාර්ෂික සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී රජයේ නිලධාරීන්ගෙන් ඉටුවිය යුතු වගකීම් නිසිලෙස ඉටුවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන පිළිබඳව මෙම සාකච්ඡාව පැවැත්වී තිබේ.

රට වෙනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන අතර ජනතාවගේ මෙතෙක් නොවිසුදුණ ගැටලුවලට විසඳුම් ලබාදීම සහ සංවර්ධන වැඩපිළිවෙල එහි කාර්යක්ෂම කිරීම මෙහි අරමුණ වෙයි.

රටට සහ ජනතාවට වඩා යහපත් ප්‍රතිඵල උදාකර දෙන අන්දමන් සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය එක්කර ගනිමින් වැඩසටහන ඉදිරියට මෙහෙයවන ලෙස එහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ දේශපාලන පසුබිම කුමන ආකාරයෙන් වූවත් වාර්ෂික සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී රජයේ නිලධාරීන්ගෙන් ඉටුවියයුතු වගකීම් නිසිලෙස ඉටුවිය යුතු බවයි.

Read more

Local News