සහරාන්ගේ බිරිඳගෙන් අධිකරණයට රහස් ප්‍රකාශයක්

Share

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවු ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබිදුල් කාදර් ෆාතිමා සාදියා ඊයේ දිනයේදිත් අධිකරණය හමුවේ පැය දෙකක රහස් ප්‍රකාශයක් ලබා දී ඇත.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ ඇය එම රහස් ප්‍රකාශය ලබාදුන් බව අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

මේ  වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සැකකාරියගෙන් අධිකරණය මිට පෙර අවස්ථා දෙකකදි රහස් ප්‍රකාශ ලබාගෙන තිබුණි.

Read more

Local News