ලෝකය තුළ ඉදිරියට යෑමට නම් ඩිජිටල්කරණය අවශ්‍යයි

Share

ලෝකය තුළ ඉදිරියට යෑමට නම් ඩිජිටල්කරණය අවශ්‍ය බවත් ඩිජිටල්කරණය හරහා රට නව මාවතකට යොමු කර ඇතැයි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

අයි .සී.ටී එකෙන් විශාල ව්‍යාපෘති රාශියකට මඟ කපා තියෙනවා. ඩිජිටල්කරණය ලෝකයේ ඉදිරියට යන්න අවශ්‍යයි. සුහුරු පන්ති කමර සංකල්පය ලෝකය ඉදිරියට එන සංකල්පය. සියලු රජ්‍ය ආයතන ජාලගත කිරීම වටිනවා.

ටෙලිකොම් එකේ එක රැකියාවක් ලබාදුන්නේ නෑ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම කොම්පැනි අතර දහය ස්ථානයේ තියෙනවා. ගොඩක් ආයෝජන කරලා තියෙන්නේ 2011, 2012, 2013 කාලයේ. පාඩුව වාර්තාවෙන් එළියට එයි. ශ්‍රී ටෙලිකොම් ආයතනයට ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍යයයි. එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව ලංකාව ඉන්ටනෙට් සම්බන්ධයෙන් 37 වැනි ස්ථානය හිමිවී තිබෙනවා. බැලුම හමුවුණේ ගූගුල් සමාගමෙන් නොමිලේ. ලංකාවට 4ජී තාක්ෂණය දෙන්න බලන්නයි හැදුවේ. එය කඩකප්පල් කළා. ඊපාස්පෝට් නැත්නම් ඉදිරියේ දී යුරෝපයට යන්න බැරිවෙයි ඉදිරියට. ඩිජිටල්කරණය දී එය තවත් අමාත්‍යාංශයක් සමඟ බද්ධ වෙලා තිබෙනවා.

Read more

Local News