ජේ.සී.බී යන්ත්‍රයට යට වී සහායකයා මරුට

Share

අද (05) උදැසන 10ට පමණ නාවලපිටිය කලපිටිය ප්‍රධාන මාර්ගයේ කිරි මැටිය 33 කණුව ප්‍රදේශයේදි ජේ.සී.බී යන්ත්‍රයේ කුල්ලට යට වී එම ජේ.සී.බී යන්ත්‍රයේ සහායකයා ජීවිතක්ෂයට පත් වි ඇත.

මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා ජේ.සී.බී යන්ත්‍රයෙන් වැඩ කරමින් සිටියදී එක වරම යන්ත්‍රයේ කුල්ල ක්‍රියා විරහිත වී ඇත.

මෙම පුද්ගලයා දෝෂය පරීක්ෂා කරමින් සිටි අවස්ථාවේදි එක වරම ජේ.සී.බී යන්ත්‍රයේ කුල්ල පහළට වැටි අදාළ පුද්ගලයා එහි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් සහ සේවකයින්, නාවලපිටිය පොලිසියේ නිලධාරින් එක් ව දැඩි පරිශ්‍රමයක් දරා යන්ත්‍රයේ කුල්ලට සිර වී මිය ගිය එහි පුද්ගලයාගේ සිරුර නාවලපිටිය මුලික රෝහල වෙත භාර දි ඇත.

ජේ.සී.බී යන්ත්‍රයේ ක්‍රියාකරු සැකපිට නාවලපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News