එජාපය තුනකට බෙදිලද ?

Share

ජනාධිපති අපේක්ෂකත්වය මුල් කරගනිමින් එක්සත් ජාතික පක්ෂය අද වන විට කොටස් තුනකට බෙදි ඇති බව පිවිතුරු හෙළඋරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  උදය ගම්මන්පිල මහතා පවසයි.

කොළඹ පිහිටි සිය පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය මේ වන විට තුනට බෙදී රනිල්, සජිත් හා කරූ යනුවෙන් ඇණ කොටා ගන්නා බවත් පැවසු ගම්මන්පිල මහතා, ඇතැමුන් මේ තුන්දෙනාගෙන් කවුරු පැමිණියොත් වඩා හොඳ ද යනුවෙන් ප්‍රශ්න කර සිටින බවත් පැවසීය.

තුනම එකයි යනුවෙන් පැවසු ගම්මන්පිල මහතා, මේ පුද්ගලයින් තිදෙනාගෙන් කවුරුන් ආවත් මොවුන්ට රට කළ නොහැකි බව පසුගිය වසර කීපය තුළ පෙනී ගිය බවද කියා සිටියේය.

සොරකම්, මැරකම් පිළිබඳ විශේඥ දැනුමක් ඇති මොවුන්ට රට කළමනාකරණය කිරීම ගැන විශේඥ දැනුමක් ඔවුන්ට නැති බවද පසුගිය වසර 4 තුළ ඔවුන් ඔප්පු කර ඇතැයි ද ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.

රටේ තරුණයින් බොහෝ දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාගෙන් පිට අයෙක් ජනාධිපති කළ යුතු බව පැවසු බවත් කියා සිටි ගම්මන්පිල මහතා, එක්සත් ජාතික පක්ෂය යෝජනා කරන සියලු දෙනා 225 අයත් බවද සඳහන් කළේය.

නමුත් තම අපේක්ෂකයා එවැනි අයෙක් නොවන නිසා 225 න් පිට අපේක්ෂකයෙක් බලාපොරොත්තු වන තරුණයින්ටත් “අපේ අපේක්ෂකයා ආකර්ශනීයයි“ යනුවෙන් ද ගම්මන්පිල මහතා පැවසීය.

Read more

Local News