මේ දේශපාලකයෝ කවුද කියලා හඳුනාගත යුතුයි

Share

කොළඹ නගරයේ කැළි කසල ගැටලුවට නිසි විසඳුමක් ලබා දීමට මහ නගර සභාවට නොහැකි වු බව මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අද කොළඹ පැවති වැඩසටහනකදී සිය අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

නගර සභාවට නිසි වැඩපිළිවෙලක් නොමැතිකමින් කුණු කඳුවලට යටවී මිනිස් ජීවිත වලින් වන්දි ගෙවීමට සිදු වු බවත් මේ වන විට ඒ සඳහා නිසි වැඩ පිළිවෙලක් නිර්මාණය කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අරුවක්කාලු කසළ අංගනයට කසළ ගෙන යාම පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“උදේට කොළඹ නගරයේ දේශපාලනය කරන අය රෑට අරුවක්කාලුවට යන වාහනවලට ගල් ගස්සනවා.

වනාතවිල්ලුවේ මිනිස්සුන්ටයි මේකෙ ප්‍රශ්නෙ තියෙන්න ඕනෙ.

ඒත් කිලෝ මිටර් 35ක් මෙහායින් ඉන්න පුත්තලමේ අයටයි ප්‍රශ්නෙ තියෙන්නේ.

කොළඹට කට්ටිය ගිහිල්ලා කුලප්පු කරලා ගල් ගස්සනවා. මේ දේශපාලකයෝ කවුද කියලා හඳුනාගත යුතුයි.

කොළඹ නගරයේ නගර සභා හෝ පළාත් සභා ඡන්දයක් තියෙනවානම් ආගම්වාදය අවුස්සාගෙන ගිහිල්ලා මේ කොළඹ කැළි කසළ ගෙනියන වාහනවලට ගල් ගහන කට්ටිය ගැන පැහැදිලි අවබෝධයකින් කටයුතු කරන්න.

කවුරු හරි මේ ගැන අභියෝග කරනවා නම් මම නම් කියන්නත් ලෑස්තියි.”

Read more

Local News