අගමැති ලේකම්වරයා ජනපති කොමිසම හමුවට

Share

අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය ආයතනවල වංචා දුෂණ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ අද(06) පෙනී සිටිමට නියමිතයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයා කොමිසම හමුවට කැඳවා ඇති බව වාර්තා වෙයි.

අදාල ගොඩනැඟිල්ල බදු ගිවිසුමක් මත කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙනයාම සඳහා ලබා ගෙන ඇති අතර ඊට අදාල කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවට කොමිසමට කරුණු අනාවරණය වී ඇත.

Read more

Local News