මැතිවරණ කොමිෂන් සභාවෙන් ජනතාවට ඉල්ලීමක්

Share

2019 ඡන්ද හිමි නාමලේඛනයේ තමන්ගේ නම ඇතුළත් වී ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගේ මාර්ගයෙන් හෝ මැතිවරණ කොමිසමේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ඒ පිළිබඳ දැනගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඡන්ද හිමි නාම ලේඛනයට නම ඇතුළත් නොමැති පුද්ගලයෙකු සිටීනම් ලබන 19 වනදාට පෙර ඒ පිළිබඳ මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරිමේ හැකියාව පවතී.

එම නිසා ඒ පිළිබඳ සොයා බලා තම නම 2019 ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කර නොමැති පුද්ගලයින් අදාල දිනට ප්‍රථම ඒ බව දැනුවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read more

Local News