ඇල්පිටිය නිවසක දී මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

Share

ඇල්පිටිය, අටකොහොට ප්‍රදේශයේදී මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන බවට වාර්තා වෙයි.

ඝාතනයට ලක්වු පුද්ගලයා ඊයේ (06) සිය බිරිඳගෙන් දික්කසාද වී ඇති අතර එදින රාත්‍රි අදාළ පුද්ගලයා තියුණු ආයුධයක් රැගෙන ඇයගේ නිවසට පැමිණ ඇත.

එම අවස්ථාවේදි 28 හැවිරිදි අදාළ කාන්තාව සහ ඇයගේ 59 හැවිරිදි මව විසින් ඔහුට මුගුරකින් පහර දී තිබේ.

මියගොස් ඇත්තේ නවදගල කුමාරසිංහ මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 35 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනයට සම්බන්ධ සැකකාරියන් දෙදෙනා අද (07) ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News