තිරිඟු පිටි මිල ඉහළ දැමුවේ රජයේ අවසරයකින් තොරවයි

Share

පෞද්ගලික සමාගමක් හිතුමතේට තිරිඟු පිටි මිල ඉහළ දැමීම තම රජය කිසිසේත් අනුමත නොකරන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

අනුරාධපුර හුරුළු වැව වාරි ව්‍යාපෘතිය යටතේ පවතින කෘෂි මාර්ග නවීකරණ වැඩසටහන වන “ දියවර නෑයෝ ” හා එක් වෙමින් පැවසීය.

ආනයනික සහ දේශීය ආහාර ද්‍රව්‍ය භාණ්ඩ මිල තීරණ කරනු ලබන ජීවන වියදම් කමිටුවේ නිර්දේශයකින් හා කැබිනට් මණ්ඩලයේ තීන්දුවකින් තොරව පෞද්ගලික සමාගමක් පසුගිය දා තිරිඟු පිටි කිලෝවක මිල රු. 5කින් ඉහළ දැමීම ජීවන වියදම් කමිටුවේ සභාපතිවරයා ලෙස තමා කිසි විටෙකත් අනුමත නොකරන බව අමාත්‍ය පී. හැරිසන් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

මීට පෙර අවස්ථාවකදී ද විදේශීය තිරිඟු පිටි මිල හා සසඳමින් ආනයනික තිරිඟු පිටි කිලෝවක මිල වැඩි කර තිබුණා. නමුත් අපේ ජීවන වියදම් කමිටුවේ තීන්දුවකට අනුව එම මිල නැවත සංශෝධනයකට ලක් කරමින් සමාගම් විසින් වැඩි කරන ලද මුදල අඩු කරනු ලැබූවා. යනුවෙන් ඒ මහතා පැවසීය.

හෙට ( 10 ) දිනයේ පස්වරුවේ දී පැවැත්වෙන ජීවන වියදම් කමිටුව මඟින් තිරිඟු පිටි මිල පිළිබඳ සාකච්ඡා කොට සමාගම්වල ඉල්ලීම් සළකා බලමින් තිරිඟු පිටි කිලෝවක මිල තීරණය කරන බව හෙතෙම වැඩි දුරටත් කීය.

පෞද්ගලික සමාගම් රජයේ අවසරයකින් තොරව මෙම තීන්දු තීරණ ගැනීම හෙලා දකින බවත් ජනතාවට ඉදිරියේදී සහනදායී තීන්දුවකට එළැබෙන බවත් හෙට දිනයේදී ගනු ලබන තීන්දුව කැබිනට් මණ්ඩලය වෙත දන්වා මේ සතිය තුළම තිරිඟු පිටි කිලෝවක් සඳහා වන පාලන මිල තීන්දු කරනු ලබන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Read more

Local News