ගම්පහ, වත්තල ප්‍රදේශ රැසකට හෙට වතුර නෑ

Share

ගම්පහ සහ වත්තල ප්‍රදේශ රැසකට හෙට (10) පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කැළණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතියේ දෙවන අදියරේ නව ජල නල පද්ධතියේ ඉදි කිරීම් කටයුතු හේතුවෙන් පෙරවරු 09.00 සිට පැය 18 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

ඒ අනුව වත්තල – මාබෝල, ජා – ඇල සහ කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශ, වත්තල, මහර සහ ජා – ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

Read more

Local News