විහාරස්ථාන 75ක් වෙත පූජා ඔප්පු පිළිගැන්වීම ජනපති ප්‍රධානත්වයෙන්

Share

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහතික කිරීමේ උදාර අරමුණ පෙරදැරිව දිවයින පුරා විහාරස්ථාන 75ක් සඳහා පූජා ඔප්පු පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් වෙත භූමියේ හිමිකම තහවුරු කරමින් ඉඩම් දීමනා පත්‍ර හා බලපත්‍ර දස ලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා ශිෂ්‍ය අනු ශිෂ්‍ය පරම්පරාවන් වෙත දායාද කරනු වස් දිවයිනේ සියලු විහාරස්ථාන සඳහා පූජා ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කෙරේ.

දිවයින පුරා රජයේ ඉඩම්වල පිහිටි විහාරස්ථානවලට අදාළ පූජා ඔප්පු 355ක් 2015 වසරේ සිට මේ දක්වා සඟසතු කොට පූජාකර ඇති අතර තවත් විහාරස්ථාන 700ක් වෙනුවෙන් පූජා ඔප්පු සකස් කර අවසන්ව තිබේ.

Read more

Local News