පළාත් කිහිපයකට තදවැසි සමඟ ප්‍රභල අකුණු

Share

නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් තැනින් තැන සවස 2.00න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී 75ට වැඩි තරමක තද වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැක.

ගිඟුරුම් සහිත වැසි සමඟ පැවට කිලෝ මීටර් 70-80ක පමණ කෙටි කාලීන තද සුළං ද ඇති විය හැකි අතර
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා ඇත.

Read more

Local News