තිරිඟු පිටි පැවති මිලටම දෙන්න සමාගම් එකඟ වෙයි

Share

ප්‍රිමා තිරිඟු පිටි මිල පැවති මිල ගණන් යටතේ ලබා දීමට පිටි සංගම් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසා තිබේ.

අද (10) අමාත්‍යවරයා සමඟ ජීවන වියදම් කමිටුවේ දී මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

පසුගිය සැප්තැම්බර් මස 6 වන දින තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 5.50 කින් ඉහළ දමන බව ප්‍රීමා සමාගමේ පාලනාධිකාරිය විසින් දිවයිනේ සියලූම අලෙවි නියෝජිතයින්ට දැනුම් දී තිබුණි.

Read more

Local News