මාතර දිස්ත්‍රික්කයේ පාරිභෝගික නීති උල්ලංගණය කළ වෙළඳුන්ට දඩ

Share

මාතර දිස්ත්‍රික්කයේ පාරිභෝගික නීති උල්ලංගණය කළ වෙළඳුන්ගෙන් දඩ මුදල් වශයෙන් රුපියල් ලක්ෂ 28කට ආසන්න මුදලක් අය කරගෙන තිබේ.
මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වූ භාණ්ඩ විකිණීම හා අලෙවි කිරීමට ප්‍රදර්ශනයට තබා තිබීම, ප්‍රමිතියෙන් තොර භාණ්ඩ විකිණීම, බිල්පත් ලබා නොදීම, රජයෙන් වරින් වර නිකුත් කරන විධාන කඩ කිරීම, වගකීම් සහතික ලබා නොදීම, පාරිභෝගිකයා රැවටීම සහ පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ විකිණීම ආදී වැරදි සඳහා 2017 වර්ෂයේ මේ වන විට වැටලීම් 866 ක් සිදු කර පාරිභෝගික නීති උල්ලංගණය කළ වෙළඳුන් 777 දෙනෙකුට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතට අනුව නඩු පැවරීම් සිදු කර ඇත. මෙතෙක් නඩු පැවරීම් නොකළ 89 දෙනාට ඉදිරියේ දී නඩු පැවරීම් සිදු කිරීමට නියමිත ය.

Read more

Local News