තොරතුරු දැනගැනීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද

Share

බස්නාහිර පළාත් තොතරතුරු නිලධාරීන්ගේ අත්දැකීම් හුවමාරු වැඩසටහන අද (11) අරලියහග මන්දිරයේදී පැවැති අතර එහිදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ප්‍රකාශ කළේ, තොරතුරු දැනගැනීම් අයිතිවාසිකම පිළිබඳ පනත සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම සහ සවිබලගැන්වීම සඳහා පුළුල් වැඩසටහන් ලබන වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

ජාතික මට්ටමේ සිට පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය ග්‍රාමීය මට්ටම දක්වා මෙම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව පෙන්වා දුන් ඒ මහතා පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන්  සියලු රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව ද සඳහන් කළේය.

ඒ මහතා ප්‍ර‍කාශ කළේ මෙම පනතේ ප්‍ර‍තිලාභ ජනතාවට ලබාදීමට රාජ්‍යතන්ත්‍ර‍ය ශක්තිමත් විය යුතු බවයි. මෙම වැඩසටහන සඳහා නිලධාරින් 1200ක් පමණ පිරිසක් එක්ව සිටියහ.

 

Read more

Local News