ශ්‍රිලංකා හමුදාපති පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්

Share

නව හමුදාපතිවරයා ලෙස ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරිම ශ්‍රී ලංකා රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බවට ඊට චෝදනා කරන ජාත්‍යන්තර පාර්ශව සැලකිල්ලට ගත යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නීත්‍ය නියෝජිත ඒ.එල්.ඒ අෂීස් මහතා ප්‍රකාශ කර තිබේ.

ජිනිවා හි මානව හිමිකම් කවුන්සිලයේ 42 වන සැසිවාරයේ පොදු විවාදයේ කරුණු දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පරිපාලන ක්‍රියාවලීන් සදහා විවිධ ජාත්‍යන්තර පාර්ශව බාහිර මුහුණුවරයන් මගින් යුද හමුදාපතිවරයා පත් කිරිම පිළිබඳ ප්‍රකාශ හා  විවිධ ස්ථාවරයන් නිකුත් කිරිම කණගාටුදායක බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා ප්‍රකාශ කර ඇත.

එය ස්වභාවික යුක්තියේ මූලධර්ම වලට පටහැනි බවත් සිදු කරන චෝදනා පදනම් විරහිත බවත් එහිදී ඔහු ප්‍රකාශ කර තිබේ.

වෛරී සිදුවිම් හා ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන්ට සිදුවන සියලු ආකාරයේ අපරාධවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනිමට ශ්‍රී ලංකා රජය කිසිදු අවස්ථාවක පසුබට නොවන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නීත්‍ය නියෝජිත ඒ.එල්.ඒඅෂීස් මහතා ප්‍රකාශ කර ඇත.

අන්තවාදයට එරෙහිව කටයුතු කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක් මේ වන විට ගෙන ඇති පසුබිමක රාජ්‍ය නායකයා ස්වෛරි අභිමතය පරිදි නිළධාරින් පත් කිරිම සම්බන්ධයෙන් සිදු කරන චෝදනා පිළිගත නොහැකි බව  ඒ.එල්.ඒ අෂීස් මහතා මානව හිමිකම් කවුන්සිලයේ 42වන සැසිවරයට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ලබාදී ඇති පොරොන්දු වලට අනුකූලව මූලික අයිතිවාසිකම් සහතික කිරිමට ශ්‍රි ලංකා රජය තවදුරට බැදී සිටින බව ඒ.එල්.ඒ අෂීස් මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශකර ඇත.

Read more

Local News