යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට

Share

කඩවත පොලිස් වසමේ ස්මැක් හන්දිය, කිරිමැටියාගාර මාර්ගයේ දී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

කිරිමැටියාගාර ප්‍රදේශයේ දී කිරිමැටියාගාර පල්ලිය දෙසට ධාවනය වු යතුරු පැදියක් පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන ටෙලිෆෝන් කණුවක ගැටී මෙම අනතුර සිදු වී ඇත.

අනතුරින් තුවාල ලැබු පැදිකරු හා පසු පැදිකරු රාගම රෝහලට ඇතුළත් කිරීමේ දී පැදිකරු මියගොස් ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 17ක් වු කඩවත පදිංචි තරුණයෙකි.

මෘත ශරීරය රාගම රෝහලේ තැන්පත් කර ඇති අතර කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News