සජිත් සහ සුළු පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක්

Share

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ සුළු පක්ෂ නියෝජිතයින් අතර සාකච්ඡාවක් අද (14) පැවැත්වීමට නියමිතව තිබේ.

එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය තමාට ලබා දෙන ලෙස සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ වන විටත් පක්ෂයෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර පසුගිය අඟහරුවාදා සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡා එකඟාතාවයකින් තොරව අවසන් වුණි.

මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරවයා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට දැනුම් දී ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නියෝජිතයින් සමඟ සාකච්ඡා කර පැමිණෙන ලෙසයි. ඒ අනුව අද දිනයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

Read more

Local News