මගේ බොරු සෝබන නෑ – සජිත්

Share

දේශප්‍රේමීත්වය යනු මුස්ලිම්, හින්දු සහ කතෝලික ජනතාව විනාශ නොකිරීම බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් අමාතයවරයා මේ අදහස් පළ කළේය.

තමා ළඟ බොරු කථා නොමැති බවත් බොරු සෝබන නොමැති බවත් තමා නියම දේශහිතෛෂී පුද්ගලයෙකු යැයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ අතර අමාත්‍යවරයා මෙහිදී පවසා සියයේ පමළමු වතාවටය රටේ මධ්‍යම ආණ්ඩුවේ මැදිහත්වීමේන් දහම් පාසල් ගොඩනගන බවයි.

එමෙන්ම නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලින් පසුව අළුත් ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට සූදානම් වෙන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේය.

ජාතිවාදය, ආගම්වාදය සහ ත්‍රස්තවාදය නොමැති ශ්‍රී ලංකාවක් ගොඩනගන බවත් ත්‍රස්තවාදයට හේතු සාදක නව කරුණු හඳුනා ගෙන ඒවාට ප්‍රතිකර්ම ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

තමා විසින් ගොඩනගන අලුත් ශ්‍රී ලංකාවේ මුළු රට තුළම බදුසසුන බබලවන බවත් බුදුසසුන බැබලෙන විට අනෙකුත් ආගම්වලටත් රැකවරණය හිමි වන බව අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩදුරටත් අදහස් දක්වමින් මාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

“අලි උවදුර ඇති ප්‍රදේශවල අපි දහම් පසල් ශාලා විශාල ප්‍රමාණයක් ජනතා අයිතියට පත් කරා. ඒ බොහෝමයකට අලි වුවදුර කියනවා. ඉතින් මට එක්තරා ස්ලාම් භක්තික වන ජීවි නිලධාරීයෙක් කිව්වා.

අල් කුරානයේ එක්තරා ගාථාවක් තියනවා ඒක කියපු හැටියේ. ගහන්ඩ එල වල් අලිය එතනම නතර වෙනවා කියලා. ඒ වගේම බදු දහමෙත් ගාථාවක් තියනවා. නාලාගිරි කියන ඇතා ලොවු තුරා බුදු රාජානන් වහන්සේට හානි කරන්නට එන විට ඒ කියපු ගාථාව.“

Read more

Local News