ශ්‍රීලනිපයේ කාන්තා බල මණ්ඩල පිහිටුවීමේ කටයුතු සාර්ථකයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා බල මණ්ඩල පිහිටුවීමේ කටයුතු සාර්ථකව සිදුකෙරෙන බව එම පක්ෂයේ කාන්තා පෙරමුණේ නියෝජ්‍ය සහාපතිනි සුමිතා ප්‍රියංගනී අබේවීර මහත්මිය පවසයි.

ඇය සඳහන් කළේ මේ වන විට ආසන 160ක තුළ කාන්තා බල මණ්ඩල 400ක් පිහිටුවා අවසන් කර ඇති බවයි.

ලබන 28 සහ 29 යන දෙදින තුළ අම්පාර, රත්නපුර සහ ගම්පහ යන දිස්ත්‍රික තුළදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා බල මණ්ඩල පිහිටුවීමේ කටයුතු අවසන් කරන බව නියෝජ්‍ය සහාපතිනි සුමිතා ප්‍රියංගනි අබේවීර මහත්මිය වැඩිදුරටත් පැවසීය.

Read more

Local News