කෘෂිකර්ම අමාත්‍යාංශ ගොඩනැගිල්ල ගැන අගමැති කියන දේ

Share

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ල යොදාගන්නා ලෙස තමා උපදෙස් ලබා නොදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ.

පසුගිය සිව් වසර තුළ වත්මන් පාලනය යටතේ රජයේ ආයතනවල සිදුවු දුෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අග්‍රාමාත්‍යවරයා අද (16) පෙරවරුවේ පෙනී සිටියේය.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි කොමිෂන් කාර්යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා පැය එකහමාරක පමණ කාලයක් සාක්ෂි ලබා දුන් බව කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා සුදුසු ගොඩනැගිල්ලක් යොදා ගන්නා ලෙස තමා උපදෙස් ලබා දුන්නද  ප්‍රශ්නකාරී ගොඩනැගිල්ල සම්බන්ධයෙන් උපදෙස් ලබා නොදුන් බවයි.

අදාළ ගොඩනැගිල්ල වෙන්කර ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බව එවකට හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා වු දුමින්ද දිසානායක මහතා කොමිසම හමුවේ මීට පෙර ප්‍රකාශ කරතිබුණි.

මේ අතර පැය එකහමාරක පමණ කාලයක් ප්‍රකාශ ලබා දුන් අග්‍රාමාත්‍යවරයා පිටත්ව ගොස් ඇති අතර අද පස්වරුවේ යළි ප්‍රකාශ ලබා දීමට නියමිතයි.

Read more

Local News