කැත්තකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

Share

කන්තලේ, වරාකැලේ ප්‍රදේශයේ ඇලක පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට කන්තලේ පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

12 වන දා රාත්‍රියේ මත්පැන් පානය කරමින් සිටි දෙදෙනෙකු අතර ඇතිවු ආරවුලක් හේතුවෙන් එක් අයෙක් අනෙක් පුද්ගලයාට කැත්තකින් පහරදී ඝාතනය කර ඇළකට දමා ඇති බව වාර්තා වෙයි.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 34ක් වු කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඝාතනය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කන්තලේ පොලීසිය සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News