අපි පන්සල්  වල දේවල් සුරාකාලා නැහැ

Share

බෞද්ධ ආගම ආරක්ෂා කරන ගමන් අනෙක් ආගමි වලට ගෞරවය දෙන්න තම රජය බැදි සිටින බව බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා පවසයි.

බෞද්ධ කටයුතු  දෙපාර්තමේන්තුව  හා බුද්ධශාසන අමාත්‍යංශය එක්ව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ආරම්භ කොට ඇති බුදුපුත් සුරක්ෂා සෞඛ්‍ය රක්ෂණාවරණයේ දකුණු පළාත් ස්වාමින්වහන්සේලාට එම හිමිකම්පත් ප‍්‍රදානය කිරිම සඳහා ඊයේ (15) මාතර, වැලිගම නගර ශාලාවේ පැවති උත්සවයට සහභාගි වෙමින් ඔහු මේ බව පැවසිය.

එහිදි අදහස් පළකල ඒ මහතා ,

මේ  රජය තරම්  බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩ කරපු රජයක් නොමැති තරම්. ජනාධිපති අරමුදල අගමැති අරමුදල සහ සජිත් පේ‍්‍රමදාස මහතාගේ අමාත්‍යංශයේ අරමුදලින් බෞද්ධ ශාසනය වෙනුවෙන් විශාල ව්‍යාපෘති ආරම්භ කොට තියෙනවා. නමුත් අපේ රජයේ තියෙන දුර්වලකම තමයි කරන දේ කියන්නෙ නැහැ. අර කතාවක් තියෙනවනේ හිස් කළේ සද්දේ වැඩියි, පිරුණ  කළේ සද්දේ අඩුයි කියලා.

අපිට බොරු කියලා පුරුදු නැහැ.  ස්වාමින්වහන්ස. මෙන්න මෙතනයි අපිට තියෙන දුර්වලකම.  ඇයි අපි ඔබ වහන්සේලා වෙනුවෙන් මේ  බුදුපුත් සුරක්ෂා රක්ෂණාවරණය හඳුන්වලා දිලා තියෙන්නේ. මම බුද්ධශාසන ඇමතිවරයා විදියට පත්වෙලා වසර එකහමාරක් විතර වෙනවා.  හැමදාම ස්වාමින් වහන්සේලා අමාත්‍යංශයට එනවා විවිධ ප‍්‍රශ්න එක්ක. මම හෙමින් සිරුවේ  සමික්ෂණයක් කරා. කරුණු බලද්දි ඒ ස්වාමින් වහන්සේලාට දොස් කියන්න බැහැ. මොකද ධනවත් පවුල්වල අය ශාසනයට පුජා කරන්නෙ නැහැ.  දුප්පත් අසරණ දෙමාපියන් තමයි දරුවන් පුජා කරන්නේ. ඒ දෙමාපියන් පිළිබදව සොයා බැලිය යුතුයි.

ඒ නිසයි මේ  රක්ෂාවරණය බිහිවන්නේ. මේ  තුළින් ස්වාමින් වහන්සේ නමක් රෝහල් ගත වුණොත් ගාස්තු ගෙවිම, ශල්‍යකර්ම සදහා වියදමි කිරිම, ශ‍්‍රවණ උපකරණ ලබාදිම, ඇස් කණ්ණාඩි ලබාදිම, ඖෂධ, ශල්‍යගාර වියදම්, වෛද්‍ය පරික්ෂණ ගාස්තු ගෙවිම, ගරාවැටි ඇති බෞද්ධ විහාස්ථාන ගොඩනැගිම සහ ස්වාමින් වහන්සේලාගේ දෙමාපියන් වෙනුවෙන් ආර්ථික සමාජිය තත්ත්වය දියුණු කිරිමට කටයුතු කිරිම, වගේ ලොකු සේවයක් සිදුකරනවා යැයි පැවසිය.

ඊළඟට මම කියන්න කැමතියි කිසිම වෙලාවක බුදධ ශාසන අමාත්‍යංශය පිංකැට කඩලා පන්සල්  වල දේවල් සුරාකාලා නැහැ.  සුද්දා හදපු පනත් තමයි තවමත් කි‍්‍රයාත්මක වන්නේ. දළදා  මාළිගාවෙත් මේ දේ සිදුකරනවා. මේ සංගණනෙන්  කරන්නෙ ගණන් හිලවු බලනවා විතරයි.  ඒ මුදල් අපි ගෙනියන්නෙ නැහැ.

මම මේක  පැහැදිලිව කියන්න ඕන. වැරදි හැඟිමක් ඇතිකර ගන්න එපා. තිස්සමහාරාමේ  නායක හමුදුරුවන්ට මම කතා කරා.  මගේ නිලධාරින්ට කතා කරලා මේ  ගැන ඇහුවා. එතකොටයි ඒ අය කිව්වේ  සුද්දා හදපු නීතිය ගැන. මං කිවුවා මින් පස්සේ කිසිම දෙයක් කරන්න එපා කියලා මගේ අවසරය නැතුව කියලා. ඒ නීතිය තුළ  සංගණනය කරාලා ඒ මුදල් පන්සලේ  ගිණුමට බැර කරනවා.  කිසිම දෙයක් අපි ගන්නෙ නැහැ.

අනිත් එක 2014 හිටපු රජය කාලේ මේ  නීතිය ගෙනාපු එකක් . සියලූ නිකායන්වල ස්වාමින් වහන්සේලා අපේ ශාසන ආරක්ෂණ බලමණ්ඩලය තුළ  මම තනිව කිසිම තිරණයක් ගන්නෙ නැහැ. ඒ නිසා අපේ රජය බෞද්ධ ආගම ආරක්ෂා කරන ගමන් අනිත් ආගම්වලට ඒ ගෞරවය ලබාදෙනවා “  යැයි පෙරේරා  මහතා වැඩිදුරටත් පැවසිය.

Read more

Local News