පාලිත තෙවරප්පෙරුමට ඇප

Share

සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු රක්ෂිත බන්ධනාගාර ගත කළ හය දෙනාට රුපියල් ලක්ෂය බැඟින් වු ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් හය දෙනා අද (16) මතුගම මහේස්ත්‍රාත් අධිකණය වෙත ඉදිරිපත් කිරීමේන් අනතුරව මෙම නියෝගය ලබා දී ඇත.

අධිකරණ නියෝග කඩ කිරමින් මතුගම, නෑබඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු මිය යෑමෙන් අනතුරව එම වත්තේ පිහිටි සුසාන භූමියේ භූමිදානය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු සැකකරුවන් හයදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

පසුගිය මස 19 වන දා තෙබුවන, ට්‍රොයිට් වතු යායේ සිටි ද්‍රවිඩ ජාතික පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් එම වතුයායේ භූමිදාන නොකරන ලෙසට හිමිකරු විසින් කළ තෙබුවන පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

අදාළ පැමිණිල්ලට අනුව පොලීසිය විසින් මතුගම මහේස්ත්‍රාත් තහනම් නියෝගයක් ගනු ලැබූ අතර එය නොතකමිනුයි නියෝජ්‍ය අමාත්‍යවරයා එම භූමියෙහි දේහය බලහත්කාරයෙන් භූමදාන කිරීමට කටයුතු කරනු ලැබු බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළ හය දෙනාට එල්ලවී ඇත් වෝදනා වෙයි.

Read more

Local News