කාසල්රි සහ මවුස්සාකැලේ ජල මට්ටම් ඉහළට (ඡායාරූප)

Share

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ස්වයංක්‍රිය වාන් දොරටුව අද (17) උදැසන 8.00 සිට ස්වයංක්‍රියව විවෘත වි ඇත.

ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (16) සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කොත්මලේ ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර වාන් දොරටුව ස්වයංක්‍රියව විවෘත වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.

එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු විවෘත කිරිමට සිදු වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සහ කොත්මලාඔයේ ජලය පරිහරණය කරන අය සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලටද ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ එම ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.

Read more

Local News