රනිල් ජනපතිවරණය කල් දාන්න සූදානම් වෙනවා

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය කල්දැමීම සඳහා අවසන් තුරුම්පුව භාවිත කිරීමට සූදානම් වන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

ඊයේ (16) කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරණ ඡන්දය මඟහරින්න හෝ නැත්නම් කල් දමා ගැනීමට අවශ්‍ය බැවින් උසාවිය සමඟ මෙම ප්‍රශ්නය පටලවන්න උත්සහ කරන බව ද මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.

පොදු ජන පෙරමුණේ ජයග්‍රාහනය නොවැලැක් විය හැකි බැවින් මෙවැනි විවිධ ක්‍රි සිදු කරන බවද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News