පක්ෂය ඉක්මනින්ම ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවක් ගත යුතුයි

Share

කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ මතය විමසීම හරහා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයක් යටතේ ජනාධිපති අපේක්ෂකයා තේරීම සිදුකරනු ඇතැයි තමන් විශ්වාස කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද(17) උදෑසන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිවසේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඊයේ(16) දිනයේ දී ලිඛිතව ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට උදෙසා තමා එලඹ ඇති තීන්දුව ගැන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළ බවද පැවසු සජිත් ප්‍රේමදාස මහතා, වෙනත් පුද්ගලයින්ගේ අපේක්ෂාවක් අපේක්ෂකත්වය ගැන තිබේ නම් ප්‍රජාතන්ත්‍රවාදය අනුව පාර්ලිමේන්තු කණ්ඩායම හා කෘත්‍යාධිකාරි මණ්ඩලය කඳවා ගනු ලබයි යන තීන්දුව බාර දුන් බවද පැවසීය.

ජනාධිපතිවරණ පැවැත් වීමේ දිනය දැන් දැන් ලහි ලහියේ සිදු වන බවත් පැවසු අමාත්‍යවරයා, තමාගේ ඉල්ලීම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් මෙය ඉතා ඉක්මනින් විසඳිය යුතු බවද තමා විශ්වාස කරන බවද කියා සිටියේය.

පක්ෂය ඉතා ඉක්මනින් ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවක් ගත යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී අවධාරණය කළේය.

Read more

Local News