තාවකාලික, අනියම්, කොන්ත්‍රාත්‍ සේවකයින්ට ස්ථිර පත්වීම්

Share

රාජ්‍ය ආයතන සඳහා තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත‍්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25/2004 හා 25/2004/01 නිකුත් කළ අවස්ථාවේදී එහි සඳහන් අවශ්‍යතා සම්පූර්ණ නොකිරීම නිසා සේවා ස්ථිරත්වය ලබා ගැනීමට නොහැකි වූ සේවකයන්ට සහ චක්‍රලේඛ නිකුත් කිරීමෙන් පසු සේවා අවශ්‍යතා මත තාවකාලික, අනියම්, ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන දින 180 කට වඩා සේවය කර ඇති සේවකයින් අවශ්‍ය සුදුසුකම් මේ මස පළවනදා සිට සම්පූර්ණ කිරීමේ පදනම මත මෙලෙස සේවයේ ස්ථිර කෙරේ.

Read more

Local News