කිංග්ස්බරි ප්‍රහාරකයාගේ සිරුර බොරැල්ලේ මිහිදන් කරන්න නියෝගයක්

Share

කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රහාරකයාගේ මෘත ශරීරය බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කටයුතු සිදුකරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්වරයාට නියෝග කර තිබේ.

අදාළ ප්‍රහාරකයාගේ මෘත ශරීරය භාර ගැනීමට ඔහුගේ ඥාතීන් විසින් ප්‍රතික්ෂේප කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබුණි.

එම දේහය තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්වරයාට භාරදෙන ලෙසට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර තිබේ.

ඒ අනුව එම දේහය බොරැල්ල පොදු සුසාන භූමියේදී භූමදාන කටයුතු සිදුකරන ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම්වරයාට නියෝග කර ඇත.

එමෙන්ම අදාළ කටයුතු පිළිබඳ නිසි වාර්තාවක් බොරැල්ල කොට්ඨාශ භාර ග්‍රාම නිලධාරීවරයා විසින් අධිකණය වෙත ඉදිරිපත් කරන ලෙස ග්‍රාම නිලධාරීවරයාට ද එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබේ.

Read more

Local News